පැය 12ක ජල කප්පාදුවක් - හැබැයි ඒ මෙන්න මේ ප්‍රදේශවලට..

Report

අද (25) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12 ක කාලයක් කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන ලබයි.

පැය 12ක ජල කප්පාදුවක් - හැබැයි ඒ මෙන්න මේ ප්‍රදේශවලට.. | Kalutara Water Cut 25Th June 2024

ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ අනුව අදාල කාලය තුළ වාද්දුව, මොරොන්තුඩුව හා කළුතර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය.

එමෙන්ම, මතුගම, පිලිමිනාවත්ත, පයාගල, බේරුවල, බෙන්තොට හා අළුත්ගම යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

කෙසේ වෙතත්, ප්‍රදේශයේ ව්‍යාපෘතියක කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ ය.