කළුතර ලැගුම්හල් සිදුවීමේ එක් සැකකරුවෙක්ට ඇප.

Report

කළුතර ලැගුම්හලක දී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියේ එක් සැකකරුවෙකුට ඊයේ (09) ඇප හිමි විය.

ඒ එම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ රියදුරාට ය.

කෙසේවෙතත්, අනෙක් තුන් දෙනා ජුනි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මේ අතර, කැපුම් තුවාල සහිතව හමු වූ කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැණින.

ඒ එම ස්ථානයේ තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයෙක් වන අතර ඔහු 51 හැවිරිදි වියේ පසු වේ.

මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට කුඩා දරුවෙකුගේ මළසිරුරක් ඇති බවට පෙරේදා (08) සවස මුල්ලේරියාව පොලීසියට තොරතුරක් ලැබී තිබිණ.

එලෙස මියගිය දරුවා ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවෙක් ය.

එම දරුවාගේ සිරුරේ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි අතර ඒ අසළ දරුවාගේ එක් සෙරෙප්පුවක් දක්නට ලැබිණ.

අනෙක් සෙරෙප්පුව දරුවාගේ පයේ තිබු අතර මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අයෙකී.

මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join