කජ්ජා ටී ෂර්ට් අදින්නෑ ඒ ඉන්නේ කජ්ජා නෙමෙයි - කජ්ජගේ අම්මා සහ අක්කලා කියන කතාව

Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් ඝාතනයට ලක්වූ අරුණ විධානගමගේ හෙවත් කජ්ජාගේ ඥාතීන් සමඟ සාකච්චාවක් පැවැත්වූ අතර එහිදී අදාල සිදුවීම පිළිබවද ඔවුන් ඔවුන්ගේ අදහස් ලබා දී ඇත.

ඒ අනුව මියගිය කජ්ජා නැමැත්තාගේ මව හා සහෝදරියන් තිදෙනකුත් සමග මෙම සාකච්ඡාව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවන ලදී.

එම වීඩියෝ පටය හරහා ඔවුන් පැවසුවේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හත් දෙනෙකු සිටිනා බවත් ඉන් තුන්දෙනෙකු පමණක් එම සාකච්ඡාවට සහභාගී වීමට හැකියාව ලැබූ බවත්ය. ඔවුන් පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අදාල තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශනයේ පින්තූර ඔවුන්ට පෙන්වූ බවයි.

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

එමෙන්ම එම සීසීටීවී දර්ශනයේ පින්තූර වල සිටින පුද්ගලයා තමන්ගේ සහෝදරයා වන කජ්ජා නොවන බව ඔවුන් පැහැදිලිවම පවසා ඇත.

සීසීටීවී දර්ශනයේ පින්තූර වල සිටින පුද්ගලයා ටි ෂර්ට් ඇදුමක් ඇද සිටින අතර කජ්ජා කිසි දිනක ටී ෂර්ට් අදින්නේ නැති බවත් ඔවුන් තහවුරු කරයි. අරුණ විධානගමගේ හෙවත් කජ්ජාගේ බිරිඳ වන අනීෂා ඔහුගේ රියදුරු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය අතර ඒ හේතුව මත ඇය කජ්ජා එම දර්ශන හරහා හඳුනා ගත් බව බොරුවට පවසනවා යැයි මව සහ සහෝදරියන් සදහන් කරයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ තම සහෝදරයාගේ ඝාතනයට සම්පූර්ණයෙන්ම අනීෂා වගකිව යුතු බවත් ඒ සඳහා කපිල දිසානායක ද සම්බන්ධ බවත්ය. එමෙන්ම රාජපක්ෂලා ඊට සම්බන්ධතාවයක් ඇත්තේද නැත්තේ ද යන්න තමන් නොදන්නා බවත් තව දුරටත් කියා සිටියි.

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

කියවන්න එපා තාජුඩින්ගේ පරීක්ෂණ අවසන් කරන්න - නාමල් රාජපක්ෂ

කියවන්න එපා තාජුඩින්ගේ පරීක්ෂණ අවසන් කරන්න - නාමල් රාජපක්ෂ