අයවැයට පක්ෂව ඡන්ද දීපු විපක්ෂ මන්ත්‍රී කියන කතාව!

By Shehan Mar 22, 2025 04:21 AM GMT
Shehan

Shehan

Report

මෙවර 2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂව තම ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා තමන් ගත් තීරණය පිළිබඳව අද මෙලෙස අදහස් දැක්වීය.

"මෙය ආණ්ඩුවේ පළමු අයවැයයි. ජනතාව ඔවුන්ව බලයට පත් කළා. රටට යහපතක් වෙන්න ඕනේ කියලා ජනතාව අපේක්ෂා කරනවා. මමත් මගේ රටේ ජනතාවගේ අදහස් සහ කැමැත්තත් එක්ක තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි මම අයවැයට පක්ෂව ඡන්දය දුන්නේ."

"අපි ඉදිරියට බලමු. ආණ්ඩුව ජනතාව අපේක්ෂා කළ විදියට වැඩ කරයිද කියලා. ජනතාව ලබා දී ඇති බලයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා, ජනතාව වෙනුවෙන් අපේ සහයෝගය ලබා දීම තමයි වඩා සුදුසු."

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (21) පස්වරුවේ පැවැත්වූ අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 45කි.

ඒ අනුව, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම ඡන්ද 114ක වැඩි බහුතරයකින් ජයගැනීමට රජය සමත් විය.   

ReeCha