ලේ වගුරපු බන්ධනාගාර තදබදය නිසා කරන්න යන අලුත්ම වෙනස - හිර ගෙවල් වෙනුවට ගේන්න යන දේ අධිකරණ ඇමති කියයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ රඳවා තැබීම හැකි ප්‍රමාණයට වඩා හතර ගුණයක පිරිස් එහි සිටින බවයි.
ඒ අනුව දැනට 10,375ක් රඳවා තැබිය හැකි බන්ධාගාරවල ඒවගේ හතර ගුණයක් විතර රඳවා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ පුගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අද (24) පෙරවරුවේ සහභාගී වෙමින්.
කෙසේ වෙතත් මෙම කාරණා හේතු කරගෙන ඇතැම් කණ්ඩායම් විවිධ ගැටලු ඇති කරන බවත් ඉකුත් දා ඇතිවූ මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හොඳම උදාහරණයක් බවත් හර්ෂණ නානායක්කාර මහතා එහිදී අවධාරණය කර සිටියා.
මම පාර්ලිමේන්තුවේ ඉන්නේ 9 ඉඳන් ඒත් මට වරෙන්තුවක් නිකුත් කරලා.. අර්ච්චුනාගේ වරෙන්තුව නිසා මැතිසබේ ඇතුළේ උණුසුම් තත්ත්වයක්
එමෙන්ම ඔහු සඳහන් කළේ එවැනි සිද්ධිවලට මුහුණ දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බවයි.
තවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා ඇති බැවින් එම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂම කිරීමට අවශ්‍ය මානව සම්පත් ඇතුළු පහසුකම් ලබාදී ඒ ආයතනය ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බවයි.
එසේම රජය බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන්ට තිබෙන ගැටලු සහ අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා රජය මේ වනවිට මැදිහත් වෙමින් සිටින බවත් හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.
මේ අතර බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන වගේම නිවාස අඩස්සිය වැනි තාක්ෂණික ක්‍රම හදුන්වාදීමට ද කටයුතු කරගෙන යන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කළා.







