ශ්‍රී ලංකා නව ක්‍රිකට් පුහුණුකරු සම්බන්ධයෙන් ඉඟියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු ජොනතන් ට්‍රොට්ගේ නම ද ඇතුලත් බව වාර්තා වේ.
ඒ අනුව හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජොනතන් ට්‍රොට්, ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කෙරූ අයෙකි.
නමුත් ඔහු පසුගියදා එම තනතුරෙන් ඉවත්විය.
ඔහු ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව නව මගකට යොමු කිරීමට සත්‍ය අරමුණු සහිතව කටයුතු කළ පුද්ගලයෙකු ලෙස සැලකෙයි.