හැංගි හොරා හිටපු ජොනී රිමාන්ඩ් කරයි. - අවසන් තීන්දුව ලැබුනේ මෙහෙමයි. - (UPDATE)

CID - Sri Lanka Police Sri Lanka Police Johnston Fernando
By Wayomi Oct 23, 2024 05:20 AM GMT
Wayomi

Wayomi

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

.......................................UPDATE..........................................................................................

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. 

......................................UPDATE.............................................................................................

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සදහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණා. ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

අරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවීම ගැන තවත් ප්‍රබල රටවල් රැසකින් විශේෂ දැනුම්දීමක්.

අරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවීම ගැන තවත් ප්‍රබල රටවල් රැසකින් විශේෂ දැනුම්දීමක්.


තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දී තිබුණා. ඉන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා

........................................UPDATE.................................................................................. 

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියද පළමු වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

මෙරට ආරක්ෂාව දැඩි කෙරේ. - පොලීසියෙන් හදිසි නිවේදනයක්.

මෙරට ආරක්ෂාව දැඩි කෙරේ. - පොලීසියෙන් හදිසි නිවේදනයක්.

 

ගෝඨාභයගෙන් විශේෂ දැනුම්දීමක්. - යාපනයේ හැර වෙනත් ඕනෑම අධිකරණයකදී සාක්ෂි දෙන්න ලෑස්තියි.

ගෝඨාභයගෙන් විශේෂ දැනුම්දීමක්. - යාපනයේ හැර වෙනත් ඕනෑම අධිකරණයකදී සාක්ෂි දෙන්න ලෑස්තියි.


ඒ, අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාදීකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් නඩුකරයකට අදාළව ඊයේ දින ලබාදුන් ප්‍රතිඥාවකට අනුව, තම සේවා දායකයා අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙන බව සඳහන්.

එහිදී එම ප්‍රකාශය කෙරෙහි දැඩි දෝෂාරෝපණ එල්ල කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විත්තිකරු නඩුවට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදීමට යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා.

විත්තිකරු නඩුවට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, ඔහු අධිකරණය හමුවට පැමිණීම වළක්වාලමින් කිසිදු ආකාරයක නියෝගයක් අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර නොමැති බව පෙනී යන බවත්, විනිසුරුවරයා සඳහන් කළා.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.


මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ විත්තිකරුට වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අධිකරණය හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළ අතර ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 27 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අවවාද කරනු ලැබුවා. 

අද පාන්දර කැලණි සරවියේ උඩු මහලේ සිදු වූ ඛේදනීය සිදුවීම. - සිසුවෙක් ජීවිතක්ෂයට.

අද පාන්දර කැලණි සරවියේ උඩු මහලේ සිදු වූ ඛේදනීය සිදුවීම. - සිසුවෙක් ජීවිතක්ෂයට.