අරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවීම ගැන තවත් ප්‍රබල රටවල් රැසකින් විශේෂ දැනුම්දීමක්.
Sri Lanka Police
Israel
Russia
By Wayomi
ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු අනතුරු ඇඟවීමත් සමඟ මෙරට පොලිසියේ ප්‍රකාශය ද පදනම් කර ගනිමින් විශාල පිරිසක් එකවිට එක්රැස් නොවීමට වගබලා ගන්නා ලෙස රුසියානු තානාපති කාර්යාලය රුසියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මීට පෙර ආරුගම්බේ ප්‍රදේශය සඳහා එක්සත් රාජධානිය සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර ඇති අතර එම ප්‍රදේශය සඳහා එක්සත් ජනපදය නිකුත් කර ඇති සංචාරක උපදෙස් උපුටා දක්වමිනුයි එක්සත් රාජධානිය ද සිය උපදෙස් යාවත්කාලීන කර ඇත්තේ.
මේ අතර තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සදහා වූ සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා.
ඒ, රටවල් වන්නේ, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාවයි.