කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.
Ali Sabry
Government Of Sri Lanka
Sri Lankan Peoples
By Wayomi
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ඉලක්ක ගත ක්ෂේත්‍රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කරනවා.
ඒ, අනුව දෙරට අතර ගිවිසුමක් යටතේ මෙම රැකියා පිරිනැමීමට නියමිතයි.
පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය "X" ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඒ බව කියා සිටියා.
මේ අතර ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද එම සංචාරයේ දී අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රතිචාරයන්ට ස්තූතිය පළ කරන බව ද විදේශ අමාත්‍යවරයා සිය "X" ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.