මේ ප්රදේශයට සුළු ගං වතුර තත්ත්වයක්
මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට සිදුවන අධික වර්ෂාව හේතුවෙන්, පොළොන්නරුව – මඩකලපුව ප්රධාන මාර්ගය සුළු ලෙස ජලයෙන් යට වී තිබෙන බවට සඳහන් වේ.
ඒ අනුව විශේෂයෙන්, ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර පිහිටි ස්ථාන දෙකක් ජලයෙන් යටව ඇති අතර, එම හේතුවෙන් මාර්ගය මඟින් රථ වාහන ධාවනයට සුළු බාධා ඇති වී තිබේ.
පැවති වර්ෂාමය තත්ත්වය හමුවේ ප්රදේශ කීපයකටද නාය යෑම් අනතුරු නිකුත් කර තිබේ.