ජපාන ආරක්‍ෂක ඇමති මෙරට ආරක්‍ෂක මූලස්ථානයට
මෙරටට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය Nakatani Gen මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය Kano Koji මහතා ඇතුළු දූත පිරිසක් අද උදෑසන (04) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණ තිබුණි.
ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් පුද කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ඔහු ඇතුළු ජපන් දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව පැවති සාකච්ඡාවලදී, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
ආපදා කළමනාකරණය, දේශසීමා හරහා සිදුවන මිනිස් ජාවාරම වැළැක්වීම සහ සාගර කලාප ආශ්‍රිතව රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ නීති විරෝධී මෙහෙයුම්වලට එරෙහිව සටන් කිරීම වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කෙරිණි. ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින්, වඩාත් ආරක්‍ෂිත සහ ස්ථාවර ඉන්දියානු සාගර කලාපයක් පවත්වා ගැනීම සඳහා වන ඔවුන්ගේ පොදු දැක්ම පිළිබඳව ද එහිදී අවධාරණය කළහ.
