“ජන නායගන්” චිත්‍රපටය අන්තර්ජාලයට ලීක් වීමෙන් නළු ලෝකයේ දැඩි විරෝධය

Report

විජේගේ ඉදිරි චිත්‍රපටය වන “ජන නායගන්” හි සමහර දර්ශන මෙන්ම සම්පූර්ණ චිත්‍රපටයද අන්තර්ජාලයට කාන්දු වී ඇති බව වාර්තා වේ.

ආරම්භක දර්ශන සහ සටන් දර්ශන ඇතුළත් මිනිත්තු 5ක වීඩියෝවක් මුලින් සමාජ මාධ්‍යවලට නිකුත් වී ඇති අතර, පසුව පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ පැය 3ක චිත්‍රපටයද නීති විරෝධී ලෙස අන්තර්ජාලයට උඩුගත කර ඇති බව සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව නිෂ්පාදන සමාගම වන KVN Productions අනතුරු අඟවා ඇත.

මේ අතර, නළු රජිනිකාන්ත්, සූරියා සහ කාර්තික් ඇතුළු ප්‍රසිද්ධ නළු නිළියන් මෙම කාන්දු වීම දැඩි ලෙස හෙළා දැක තිබේ.

"ඊශ්‍රායලය මනුෂ්‍යත්වයට ශාපයක්.. පිළිකාවක්" - සාම සාකච්ඡා ඇවිලෙන ලකුණු

"ඊශ්‍රායලය මනුෂ්‍යත්වයට ශාපයක්.. පිළිකාවක්" - සාම සාකච්ඡා ඇවිලෙන ලකුණු

රජිනිකාන්ත් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙය “කම්පන සහ වේදනාකාරී සිදුවීමක්” බවත්, වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත්ය.

නළු සූරියා මහතා පෙන්වා දී ඇත්තේ චිත්‍රපට කණ්ඩායමේ මහන්සිය මෙලෙස නාස්ති කිරීම “හද කම්පා කරවන” ක්‍රියාවක් බවත්, චිත්‍රපටය නීති විරෝධී ලෙස නැරඹීමෙන් සහ බෙදාහැරීමෙන් වළකින ලෙසත්ය.

කාර්ති ද සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාව මුළු චිත්‍රපට කර්මාන්තයටම හානියක් බවත්, සිනමාවේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා නිසි ලෙස චිත්‍රපටය නැරඹීමට රසිකයන් පෙළඹිය යුතු බවත්ය.

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් භාර දෙයි

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් භාර දෙයි

ප්‍රේක්ෂක සිත් වල නොමැකෙන සොදුරු රුවැත්තිය, ඇයට සුවිශේෂ දවසක් උදාවෙලා හේතුව මෙන්න

ප්‍රේක්ෂක සිත් වල නොමැකෙන සොදුරු රුවැත්තිය, ඇයට සුවිශේෂ දවසක් උදාවෙලා හේතුව මෙන්න