අද 2 න් පස්සේ මේ ප්‍රදේශවල කාලගුණය කැළඹෙයි - මි. මී 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි
අද(08) දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නේ ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එසේම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.