LPL ජයග්‍රහණය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට... (PHOTOS)

By Parami Dissanayake Jul 21, 2024 05:57 PM GMT
Report

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශූරතාවලිය දිනා ගැනීමට චරිත් අසලංක නායක්තවය දරණ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර ඒ, අවසන් මහා තරගයේ ගෝල් මාවල් කණ්ඩායම පරාජයට පත් කරමින් ය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 184ක් රැස්කර ගත්තේය.

ද්විත්ව ඝාතනයට වසර 226 ක දඩුවමක්...

ද්විත්ව ඝාතනයට වසර 226 ක දඩුවමක්...

ගෝල් පිල වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 34කදී ලකුණු 82ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.

එමෙන් ම, ටිම් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 47කි. පන්දු යැවීමේදී ජැෆ්නා කිංග්ස් පිල වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ අධිකරණය රැකියා කෝටා අවලංගු කෙරේ...

බංග්ලාදේශ අධිකරණය රැකියා කෝටා අවලංගු කෙරේ...

අනතුරුව පිටියට පැමිණි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 185 ක් රැස්කර තරගය ජය ගැනීමට සමත් විය.

ජැෆ්නා පිල වෙනුවෙන් රිලී රොසෝව් නොදැවී ලකුණු 106 ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 7ක් සහ හතරේ පහර 9ක් ද සමගිනි.

සුදුසු වෙලාවට නිසි පිළිතුරු ලබා දෙන බව ජනපති පවසයි...

සුදුසු වෙලාවට නිසි පිළිතුරු ලබා දෙන බව ජනපති පවසයි...

කුසල් මෙන්ඩිස් පන්දු 40 කදි ලකුණු 72ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ

LPL ජයග්‍රහණය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට... (PHOTOS) | Jaffna Kings Win Lpl

LPL ජයග්‍රහණය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට... (PHOTOS) | Jaffna Kings Win Lpl

LPL ජයග්‍රහණය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට... (PHOTOS) | Jaffna Kings Win Lpl

Gallery