ජපුර සරසවියේ ආචාර්යවරුන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් - හේතුව මෙන්න

Report

ශ්‍රී ජයර්වධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට අදාළ පරිපාලන සහ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්, අධ්‍යයනාංශයේ මහාචාර්‍ය, ආචාර්‍යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම පැමිණිල්ලෙන් වෘත්තීයමය පීඩනය, අධ්‍යයන නිදහසට බාධා කිරීම, පරිපාලන අකර්මණ්‍යතාවය, සහ විමර්ශන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

2024 වසරේ සිට අදාළ අධ්‍යයනාංශය සම්බන්ධයෙන් මූලික විර්මශන පහක් පවත්වා තිබෙන අතර, එම විමර්ශන මඟින් අංශාධිපතිනියගේ පරිපාලන, වෘත්තීයමය සහ සදාචාරාත්මක ගැටලු සනාථ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම වාර්ථාවල නිර්දේශයන් ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්

වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්

අඳාළ විර්මශන වාර්තා අප්‍රේල් 09වන දින විශ්වවිද්‍යාල පාලක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පාලක සභාවේ සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත්කර තිබූ අතර, එම කමිටුව විසින් ද වැඩිදුර නිර්දේශ ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ කමිටුව විසින්,

1. දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ වත්මන් අංශාධිපතිනියට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම,

2. විනය පරීක්ෂණය අවසන් වනතෙක් අදාළ තනතුරේ කටයුතු කිරීම අත්හිටුවීම,

3. වෙනත් අධ්‍යයනාංශයකින් වැඩබලන අංශ ප්‍රධානියෙකු පත් කිරීම,

4. මූලික විමර්ශනවල නිරීක්ෂණ සහ නිර්දේශ විධිමත් චෝදනා පත්‍රයකට ඇතුළත් කිරීම, යන නිර්දේශ ඉදිරිපත් කර තිබුණු බව දැක්වේ.

සැකකාර හිමිට රට වටින්ම නීතීඥයෝ එද්දි වින්දිත දැරියට නීතීඥ‍යෙක් නැති හේතුව මේකයි - සරෝජා සාවිත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක්

සැකකාර හිමිට රට වටින්ම නීතීඥයෝ එද්දි වින්දිත දැරියට නීතීඥ‍යෙක් නැති හේතුව මේකයි - සරෝජා සාවිත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක්

එමෙන්ම එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම, කල්දැමීම, එම නිර්දේශ පිළිබඳ හිතාමතා වැරැදි ආකාරයට අර්ථකථනය කිරීම හා ක්‍රියාත්මක නොකිරීම නිසා විශ්වවිද්‍යාලයේ සාධාරණ පරිපාලන ක්‍රියාවලිය බරපතළ ආකාරයට අඩාල වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම තත්ත්වය නිසා අධ්‍යයන නිදහස, වෘත්තීය ගෞරවය, සහ ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ට හිමි සාධාරණ හා සුරක්ෂිත සේවා පරිසරය බරපතළ ආකාරයට බලපෑමට හා තර්ජනයන්ට ලක්ව ඇති බව වාර්තා වේ.

එබැවින් අඳාළ කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකර, වගකිවයුතු පාර්ශවයන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත්වන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් ඉල්ලා ඇති බව වාර්තා වේ.

සීනි කිලෝවක මිල ඉහළට.. ඉන්දියාව ගත්ත හදිසි තීරණය නිසා ලංකාවට වෙන දේ මෙන්න

සීනි කිලෝවක මිල ඉහළට.. ඉන්දියාව ගත්ත හදිසි තීරණය නිසා ලංකාවට වෙන දේ මෙන්න

තවත් රතු එළියක් එක්ක මේ නිෂ්පාදනයත් සිව් ගුණයකින් ඉහළ නැංවීමට පියවර

තවත් රතු එළියක් එක්ක මේ නිෂ්පාදනයත් සිව් ගුණයකින් ඉහළ නැංවීමට පියවර