එන පොට හොඳ නැහැ... ඉක්මනින් තීරණයක් ගන්න - මහ බැංකුව

Report

අන්‍යොන්‍ය තීරු බදු පිළිබඳව සලකා බලා මෙරට තීරු බදු ව්‍යුහයන් නැවත සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රීලංකා මහ බැංකුව නිර්දේශ කර ඇත.

මහ බැංකුව මෙම නිර්දේශය නිකුත්කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාව (2024) මගිනි.

පිරිමින්ට වැඩිපුරම හැදෙන භයානක COPD රෝගී තත්වය ගැන ඔබත් දැනුවත් ද?

පිරිමින්ට වැඩිපුරම හැදෙන භයානක COPD රෝගී තත්වය ගැන ඔබත් දැනුවත් ද?

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවන ඕනෑම තීරු බද්දක් හමුවේ මෙරට අපනයන අංශයට විශාල බලපෑමක් ඇති කළ හැකි බවත් එබැවින් ඉක්මනින් මැදිහත් වීම සඳහා අවදානම් තත්ත්වයන් සලකා බැලිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී සඳහන් කර ඇත.

ඒ අනුව මෙරට විසින් විදේශීය වෙළෙඳපොළට යවන භාණ්ඩ සඳහා පනවා ඇති සහ අප රටේ භාණ්ඩ සඳහා එම රටවල් පනවා ඇති තීරුබදු අනුපාතයන් නැවත සලකා බැලීම අත්‍යවශ්‍ය බව එහිදී පෙන්වාදී තිබේ.

රටේ හැමෝම ආදරය කරන දිනිති වල්ගමගේ හදිසියේම ගුවන් සේවයට සමුදුන්නේ ඇයි..? කවුරුත් නොසිතූ හේතුවක් – (PHOTOS)

රටේ හැමෝම ආදරය කරන දිනිති වල්ගමගේ හදිසියේම ගුවන් සේවයට සමුදුන්නේ ඇයි..? කවුරුත් නොසිතූ හේතුවක් – (PHOTOS)

ඇමෙරිකානු රජයේ තීරු බදු වෙනස්කම්වලින් ශ්‍රී ලංකාවේ අනෙකුත් වෙළෙඳ හවුල්කාර රටවලටද ඇති විය හැකි බලපෑම නිසාද ශ්‍රී ලංකාවේ අපනයනයට අහිතකර බලපෑම් ඇති විය හැකි බවද මහ බැංකුව එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.