රූපවාහිනිය EPF ගෙවීම පැහැර හැරීම ගැන පරීක්ෂණ කරන්නැයි උපදෙස්

Report

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවක අර්ථසාධක මුදල් ගෙවීම මාස 13ක් පමා වී ඇති බවට එහි වෘත්තීය සමිති 7ක සභාපතිවරුන් හා ලේකම්වරුන් යොමු කළ ලිපිය සම්බන්ධයෙන්, පවතින නීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස කම්කරු කොමසාරිස්වරයාට, කම්කරු අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නිලක්ෂි ගුරුගමගේ මහත්මිය විසින් ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇති අතර, එම ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලට ද ලිපි හරහා දැනුම් දී ඇත.

මේ කිසි සේවකයෙක්ගේ වැටුප වෙනස් වෙන් නෑ.. ගෙවන්නයි කියල කවුරුත් තීන්දු කරලා නැහැ කරන්නත් බැහැ, කම්කරු අමාත්‍ය

මේ කිසි සේවකයෙක්ගේ වැටුප වෙනස් වෙන් නෑ.. ගෙවන්නයි කියල කවුරුත් තීන්දු කරලා නැහැ කරන්නත් බැහැ, කම්කරු අමාත්‍ය

'ගගන' අප වෙත ලැබුණු තොරතුරුවලට අනුව, මසකට සේවක අර්ථසාධක මුදල් ලෙස රුපියල් මිලියන 1.2කට ආසන්න මුදලක් ගෙවිය යුතු වන අතර, ඒ අනුව දඩ මුදල් රහිතව රූපවාහිනී සංස්ථාව ගෙවිය යුතු මූලික මුදල රුපියල් මිලියන 16.2කට ආසන්න බව සඳහන් වේ.

පමා වූ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවා නොමැති කාලය වත්මන් රූපවාහිනී සභාපති ගිහාන් ද සිල්වා මහතා යටතේ වන අතර, එය මාස 5ක කාලයක්, එනම් මාර්තු, මැයි, ජුනි, ජූලි සහ අගෝස්තු මාසවලට අදාළ බව වෘත්තීය සමිති පෙන්වා දී ඇත.

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

සේවක අර්ථසාධක මුදල් නොගෙවීමට දඬුවම් ලෙස සේවා යෝජකයාට රුපියල් 25,000ක දඬයක් හෝ සිර දඬුවමක් හෝ දෙආකාරයම ලබාදීමට හැකි බවත්, එසේම අඛණ්ඩව උල්ලංඝනය කිරීම සඳහා දිනකට රුපියල් 5,000ක දඬයක් නියම කිරීම ද ප්‍රතිපාදන ඇති කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.  

කම්කරු අමාත්‍යවරයාගේ (ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා) උපදෙස් අනුව, ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය විසින් නිකුත් කළ ලිපිය පහත දැක්වේ.

රූපවාහිනිය EPF ගෙවීම පැහැර හැරීම ගැන පරීක්ෂණ කරන්නැයි උපදෙස් | Itn Epf Defaults Minister Calls For Inquiry

සියලුම EPF ගැටලු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සියලුම EPF ගැටලු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්