මේ කිසි සේවකයෙක්ගේ වැටුප වෙනස් වෙන් නෑ.. ගෙවන්නයි කියල කවුරුත් තීන්දු කරලා නැහැ කරන්නත් බැහැ, කම්කරු අමාත්‍ය

Report

අද (25) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා විසින් කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතාගෙන් අතුරු ප්‍රශ්නයක් විමසමින් කියා සිටියේ වැටුප් විෂමතා නිසා 523 දෙනෙක්ට අයවැයෙන් දුන් වැටුප් ලැබී නැති බවයි.

"කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් වැටුප් වැඩිකිරීමට නිර්දේශ ලබා දීලා තියෙනවා. හැබැයි පන්සිය විසිතුන් දෙනෙකුගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔයගොල්ලෝ අයවැයෙන් දීපු වැටුප මේ පන්සිය විසිතුන් දෙනාට දීලා නෑ. හේතුව තමයි අධ්‍යක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරගෙන"

සිසුන්ට රුපියල් 5,000ක විනෝදාස්වාද දීමනාවක්

සිසුන්ට රුපියල් 5,000ක විනෝදාස්වාද දීමනාවක්

මේ සඳහා සියලු වැටුප් විෂමතාවන් අවම කර ගෙවීම් සිදු කර ඇති බවට කම්කරු අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්න ද චාමර සම්පත් මහතා කියා සිටියේ,

" අධිකරණයට ඇයි යන්නේ ආයතනය වැරදි නිසානෙ අධිකරණයට යන්නේ. මෙතුමා යටතේමයි කම්කරු කොමසාරිස් ජනරාල් ඉන්නේ. ඉතින් එතුමන් නිර්දේශ දීලා තියෙද්දි අධිකරණයට යන්නේ ඒකයි. මේ නිකං අනේ ජයන්ත මහතා බොරු කියන්න එපා ඇල් වතුරෙන් කැවුම් බදින්න හදන්න එපා. හැම ප්‍රශ්නෙන්ම ලිස්සල යන්න හදන්න එපා. ඔබතුමා හොඳ ඉගෙන ගත්තු ඩොක්ටර් කෙනෙක්. අධිකරණ වලට යන්න දෙන්න එපා මේවගේ ඒවට. මීළඟ මගේ අතුරු ප්‍රශ්නයේ EPF කියන්නේ ඔබතුමාගේවත් මගේවත් පෞද්ගලික සල්ලි නෙමෙයි. අහිංසක කම්කරුවන්ගේ සාමාජිකයන්ගේ සල්ලි. දැන් අපේ පළාතේ වතුකම්කරුවන්ගේ සල්ලි තමයි වැඩියෙන්ම EPF එකේ තියෙන්නේ. හැබැයි දැන් ඒකෙන් ලක්ෂ විස්සක නිවාස ණයක් ගන්න බැංකුවට තියලා ඇපේට තියලා පහුගිය කාලෙ දුන්නා දැන් මේ අලුත් සභාපති අධ්‍යක්ෂක මණ්ඩලය ඒකත් නතර කරලා. " යනුවෙන්.

වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් ගැන රජයෙන් සතුටුදායක ආරංචියක්

වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් ගැන රජයෙන් සතුටුදායක ආරංචියක්

මීට පිළිතුරු ලෙස අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසා සිටියේ,

"EPF එක කියන්නේ පුළුල් විෂයක්. ඒකෙ ණය ලබාදීම සිදු කරන්නේ හිතුවක්කාරී ඕන ඕන විදිහට නෙමේ නීතිරීති රෙගුලාසි යටතේ. නැවතත් මම ඔබතුමාට කියනවා අර සංඛ්‍යා ඔබට ලබා දුන්නු පන්සිය දහතුනයි කියන එක වැරදියි. වැරදි විදිහට වැටුප් වර්ධන ලබා දීම නිසා තමයි මේ ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. ඒක නිවැරදි වෙනවා 2025 දී. ඒ වුනත් එක සංඛ්‍යාත්මකව විද්‍යාමාන වෙන් නැහැ. 2025 දී වැටුප් වැඩිවීම සිද්ධවෙන්නේ අදියර තුනකදී. ඒකයි මම කිව්වේ මේ කිසි සේවකයෙක්ගේ වැටුප වෙනස් වෙන් නෑ 2026 .1.1 වෙනකොට. ඒ වෙනස්වීම පවා දැනට පෙන්නුම් කරන්නේ සේවකයන් 77 දෙනෙක්ගේ. ඔබතුමා මතු කරපු ඒ නිර්දේශ කියන කාරණා තියෙන්නේ මේ විද්‍යාමාන සංඛ්‍යාත්මක අතර තියෙන වෙනස පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා මේ වැටුප් තලයන් එහෙම නැතුව මේක ගෙවන්නයි කියල කවුරුත් තීන්දු කරල නැහැ. තීන්දු කරන්නත් බැහැ ඒක 2025 චක්‍රලේඛයට අනුව වැටුප් ගෙවීම සිදු කළ යුතු වෙනවා." 

මම දන් නැති නිසා අහන්නේ හැත්තෑ අවුරුදු ශාපයක් තුළ ආණ්ඩුවේ 159 දෙනා විතරක් කොහොමද කෝටිපතියන් වූණේ, නාමල්ට ගැටලුවක්

මම දන් නැති නිසා අහන්නේ හැත්තෑ අවුරුදු ශාපයක් තුළ ආණ්ඩුවේ 159 දෙනා විතරක් කොහොමද කෝටිපතියන් වූණේ, නාමල්ට ගැටලුවක්