මෙරට අපනයන ආදායම ඉහලට

By Hashini May 13, 2025 03:43 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාව මඟින් මෙරට අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) පළමු කාර්තුවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා සියයට 5.3කින් ඉහළ ගොස් ඇති බව දැක්වෙනවා.

අපනයන ආදායම වැඩි වීම සඳහා ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, කුළුබඩු, ආහාර පාන වර්ග, දුම්කොළ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ තේ යන අපනයන කාණ්ඩවල ඉහළයෑම බලපා තිබෙන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

පොලිසියෙන් අනතුරු ඇඟවීමක්....

පොලිසියෙන් අනතුරු ඇඟවීමක්....

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 11.1කින්, කුළුබඩු අපනයන ආදායම සියයට 75කින්, ආහාර පාන වර්ග දුම්කොළ අපනයන ආදායම සියයට 23.8කින් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ඉහළ ගොස් තිබෙනවා.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම සියයට 26.6කින් සහ තේ අපනයන ආදායම සියයට 4.6කින් ඉහළගොස් ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙනවා.

මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී මෙරට ආනයන වියදම පෙර වර්ෂයේ (2024) මෙම කාර්තුවට සාපේක්ෂව ඩොලර් මිලියන 4,887 දක්වා 11.1% කින් ඉහළ ගොස් තිබෙනවා. 

යලිත් ලුණු හිඟයක් ඇති වෙයිද ?

යලිත් ලුණු හිඟයක් ඇති වෙයිද ?