ඊශ්‍රායලයෙන් ලෙබනනයට ගුවන් ප්‍රහාර මාලාවක් - නොනවතින යුධ ගිනි අහසට නගී
දකුණු ලෙබනනයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් හත් දෙනෙකු (07) ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය (NNA) වාර්තා කර ඇත.
එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ ක්ෆාර් රූමාන් (Kfar Roummane) ප්‍රදේශයේදී මෝටර් රථයක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර, පෙර දින එල්ල වූ ප්‍රහාරයකින් විපතට පත් වූවන් මුදාගැනීමේ කටයුතුවල නිරතව සිටි පිරිසක් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි.
හරිස් (Haris) නගරයට එල්ල වූ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.