අද රෑ එකම මල ගෙයක් - ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ටෙහෙරානය සුනුවිසුණු කරන්න සුදානම්
ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් ඉරාන අගනුවර ටෙහෙරාන් ඉලක්ක කරමින් නැවත ගුවන් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම මෙහෙයුම‘රෝරිං ලයන්’ (Roaring Lion) හමුදා මෙහෙයුමේ තීරණාත්මක පියවරක් ලෙස සලකනු ලබයි.
ඊශ්‍රායල ආරක්ෂක බලකාය නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වන පරිදි මෙහෙයුම ආරම්භ වූ දිනයේ සිට ප්‍රථම වතාවට, ටෙහෙරාන් නුවර මරමස්ථානය පිහිටි ඉරාන තේරස්වාදී පාලන තන්ත්‍රයට අයත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය බව වාර්තා වු අතර, පසුව ඉරාන රජයේ මාධ්‍යය මෙම තොරතුර තහවුරු කළේය.
පසුගිය පැය 24 තුළ, ඊශ්‍රායල ගුවන් හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර ඇති අතර, මෙහි අරමුණ කලාපයේ ගුවන් ආධිපත්‍යය තහවුරු කිරීම සහ ටෙහෙරානයට ආරක්ෂිත මාවත සකසා ගැනීම බවයි.
අද උදෑසන ටෙහෙරානයේ විවිධ ස්ථානවලින් ප්‍රබල පිපිරුම් වාර්තා වී ඇත. මෙම ප්‍රහාරය මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය දැඩි උත්සන්නතාවකට ලක් කර ඇති අතර, ඉරානය මෙයට ප්‍රතිචාර ලෙස දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු අඟවා ඇත.