තත්ත්වය බිහිසුණු අතට - ඕමාන වෙරළාසන්නයේ තෙල් නෞකාවකටත් ප්‍රහාරයක්

Report

මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය අතරතුර, ඕමානයේ මුසැන්ඩම් වෙරළට ඔබ්බෙන් ධාවනය වන ස්කයිලයිට් (Skylight) නමැති තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕමාන් සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ මුසැන්ඩම් වෙරළ තීරයෙන් නාවික සැතපුම් පහක් පමණ දුරින් බවයි.

පලාවු (Palau) රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනාම ආරක්ෂිතව ඉවත් කර ඇති නමුත් ඉන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කමේනිගේ අවසන් කතාව

කමේනිගේ අවසන් කතාව

මෙම ප්‍රහාරයට අදාළ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැති අතර, මීට සුළු කලකට පෙර ඕමානයේ ඩුක්ම් (Duqm)වරාය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී ඇත.

ඉන් එක් විදේශීය සේවකයෙකුට තුවාල ඇති බවට Al Jazeera වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක අමාත්‍ය හා සන්නද්ධ හමුදා ප්‍රධානී ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක අමාත්‍ය හා සන්නද්ධ හමුදා ප්‍රධානී ජීවිතක්ෂයට