ට්‍රම්ප්ගේ ගාසා සටන් විරාමය ඊශ්‍රායලය අනුමත කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරය වෙනුවෙන් යෝජනාකළ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සාම සැලැස්මට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සැලැස්ම අනුමත කර ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා හමාස් සංවිධානයට අවසන් නිවේදනයක් නිකුත්කළ අතර, ඉන් අනතුරුව ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟතාව පලකරන ලදි.
ඒ අනුව හමාස් විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් එළැඹෙන සඳුදා හෝ අඟහරුවාදා නිදහස් කරනු ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඊශ්‍රායලය විසින්ද පලස්තීන සිරකරුවන් සිය ගණනක් නිදහස් කරනු ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශවලින් ඉදිරි දින කිහිපයේ දී ඉවත්වනු ඇත.
ආධාර රැගත් ට්‍රක් රථවලට ගාසා තීරයට ඇතුළුවීමට ඊශ්‍රායල හමුදා ඉවත්වීමත් සමග අවස්ථාව හිමිවේ.