සුළු මොහොතකට පෙර ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - උණුසුම් තත්ත්වයක්
සුළු මොහොතකට පෙර ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් දියත් කළ බව නිවේදනය කර ඇත. ඉන් අනතුරුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයේ පිපිරීමක් වාර්තා වී ඇත.
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ විශ්ව විද්‍යාල වීදිය දිගේ සහ අගනුවර ජොම්හවුරි දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලට මිසයිල ප්‍රහාරයක් සිදු කර ඇති බව හා නගරයේ සමහර ප්‍රදේශවලට ඉහළින් දුමාරයක් නැඟී එන බවයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා ඇත්තේ ප්‍රහාරය ඊශ්‍රායලයට ඇති තර්ජන ඉවත් කිරීම අරමුණින් සිදු කල බවයි. "ඊශ්‍රායල රාජ්‍යයට ඇති තර්ජන ඉවත් කිරීම සඳහා ඊශ්‍රායල රාජ්‍යය ඉරානයට එරෙහිව පූර්ව-භංග ප්‍රහාරයක් දියත් කළා ," ලෙස ඔහු පැවසීය.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අවම වශයෙන් එක් ප්‍රහාරයක් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි හා සම්බන්ධ කාර්යාල අසල සිදු වූ බවයි. ජීවිත හානි හෝ හානියේ ප්‍රමාණය පිළිබඳ ක්ෂණික තොරතුරු තවමත් හෙළි වී නොමැත.