ඊශ්‍රාලය රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - සයිරන් නාදවෙයි පාසල් වසා දමයි - ජනතාවට අනතුරු ඇගවීම්
සුළු මොහොතකට පෙර ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් දියත් කළ බව නිවේදනය කර ඇත. "Operation Rising Lion" ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම හරහා ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ගණනාවක් යොදා ගනිමින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටි නටාන්ස් (Natanz) සහ ෆෝඩෝ (Fordow) ප්‍රදේශ වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇත.
මේ අතර ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාර (retaliatory strikes) සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා විසින් සමස්ත ඊශ්‍රායලය පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
මේ වනවිට ඊශ්‍රායලය පුරා සයිරන් නාද වන අතර ඊශ්‍රායලය දෙසට මිසයිල දියත් වීමට හැකි බැවින් මහජනතාව සූදානම් කිරීම සඳහා පූර්වාරක්ෂාවක් ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ඊශ්‍රායල හමුදාව පැවසීය.
මහා පරිමාණ යුද්ධයක ආරම්භය - ඇමරිකාවත් සටනට එක්වෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ගුවන් සීමාවන් වසා දමයි
ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් සිවිල් වැසියන්ට බෝම්බ ආරක්ෂිත කුටි (bomb shelters) අසල රැඳී සිටින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් උපදෙස් දී තිබෙන අතර පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර ඇත.