දිවයිනේ වායු ගුණාත්මකභාවය පහළ යාමක්
මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ, මේ දිනවල විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල වායු තත්ත්ව දර්ශකය (AQI) ඉහළ ගොස් ඇති බවයි.
ඊයේ සහ අද දිනයේදී වායු තත්ත්ව දර්ශකය 150 සිට 200 අතර අගයක පැවතිණි.
මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ අන්තර්දේශසීමා වායු සංසරණය (transboundary pollution) සහ ඊසානදිග මෝසම් කාලගුණයේ බලපෑමයි. පසුගිය අවුරුදු කිහිපයේදීත් දෙසැම්බර් කාලයේ මෙවැනි තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවත්, මධ්‍යම පරිසර අධිකාරිය නිරන්තරයෙන් වායු ගුණාත්මකභාවය මොනිටර් කරන බවත් ඔහු අවධාරණය කළේය.
ආචාර්ය ගුණවර්ධන මහතා පැවසුවේ, මෙම තත්ත්වය අද දිනයෙන් පසු පහව යාමට ඉඩ ඇති බවත්, එහෙත් වායු දූෂණයට සංවේදී පුද්ගලයින් (ළමුන්, වැඩිහිටියන්, ශ්වසන රෝගීන්) වෛද්‍ය උපදෙස් ලබාගෙන මුඛ ආවරණ පැළඳීම සහ අනවශ්‍ය එළිමහන් ක්‍රියාකාරකම් අඩුකරගැනීම යෝග්‍ය බවයි.