දූපතක් අලෙවියට දමයි..

By krishani Apr 23, 2023 09:24 AM GMT
Report

ස්කොට්ලන්තයේ දකුණු වෙරළ තීරයේ පිහිටි දූපතක් අමෙරිකානු ඩොලර් 190,000 කට අලෙවි කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එය ජනාවාස රහිත දූපතක් වන අතර ශීත ඍතුවේ දී පශු සම්පත් සහ අනෙකුත් විශේෂ සඳහා ජලය සපයන පොකුණකින් සමන්විතයි.

අක්කර 25 ක පමණ විශාලත්වයකින් යුත් එම දූපත, මුහුද දක්වා විහිදෙන තණකොළවලින් සහ හරිත පාෂාණවලින් සමන්විත වේ.

විශාලතම මුහුදු පක්ෂි ගහණයෙන් ද එය යුක්ත වන අතර දැනට එම දූපතේ ගොඩනැගිලි නොමැත.

එම දූපතෙහි ඉදිකිරීම් සඳහා පවතින අවස්ථා පිළිබඳව දේශීය සැලසුම් අධිකාරිය සමඟ සාකච්ඡා කරන ලෙස ගැනුම්කරුට උපදෙස් ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join