මෙරට වැඩකට නැති රාජ්‍ය අංශ 5,000ක ගැන ආණ්ඩුව දැන් කියන කතාව
අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ පවතින විවිධ අංශ 5,000කට වැඩි ප්‍රමාණයක් නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකරන ආයතන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසා තිබේ .
එනිසා විද්වත් කමිටුවක් පත්කොට අදාළ නොවන ආයතන ගැන තීරණය ගෙන ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බව එතුමා වැඩි දුරටත් සදහන් කරන ලදි.
තවද රජයේ අරමුණ එතුමා පැහැදිළි කරන ලදි. ගෞරවාන්විත රාජ්‍ය සේවයක් හා ඵලදායී ලෙස රාජ්‍ය අංශ කටයුතු කිරීම රජයේ අරමුණ බව එතුමා සදහන් කර තිබේ.
විශේෂයෙන් ම මානව අයිතිවාසිකම් පිළිබඳ වූ ආයතන එවගේම තිරසර සංවර්ධනය වෙනුවෙන් පිහිට වූ ආයතන ඇතුළු ඒ අවස්ථාවන්හිදී නිර්මාණය කරන ආයතන නිදසුන් දැක්වූ එතුමා ප්‍රකාශ කළේ මෙම ආයතන ජනතාවට විශාල බරක්ව පවතින බවයි.
මේ සම්බන්ධව තව දුරටත් අමාත්‍ය අනිල් ජයන්ත මහතා මෙලෙස අදහස් දක්වා ඇත.
“අපිට ශක්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. දැන් අර්බුද රැසක් පවතිනවා. ඇතැම් ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍යයි. අපි ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා. කෙටි කලකින් මේ ගැටලු සියල්ල විසඳන්න බෑ. නමුත් අපි මේ අභියෝග මැඩගෙන ඉදිරියට යමින් ඉන්නවා. රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධව දැන් කටයුතු කරනවා. එහිදී අපට දැනගන්නට ලැබුණා මෙරට විවිධ අංශ පන්දහසකට වැඩිය තියෙනවා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ. ඒවාට කාර්යභාරයක් නෑ. ඒවාට විවිධ නම් තියෙනවා. නමුත් මේ ආයතන ජනතාවට විශාල බරක්. අපි මේ තොරතුරු රැස් කරලා විශ්ලේෂණය කරමින් ඉන්නවා ව්‍යුහාත්මක වෙනස්කම් කර ඉදිරියට යන්න.”