අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්?
By R.rishma
අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය.
අද (10) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
සිකුරාදා දිනය මහ සිකුරාදා දිනයට යෙදී ඇති නිසා එම සතියේ වැඩ කිරීමට ඉතිරිව ඇත්තේ දින තුනකට ආසන්න කාලයක් පමණක් වන බැවින්, එම දිනය පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.