අනුර දිසානායක කෝටිපතියෙක්ද? රාජිත සේනාරත්න කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න
ආණ්ඩුවේ ඉදිරිපෙළ නායකයන්ගේ කෝටි ගණනක් වටිනා වත්කම් හෙළිදරව් වීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) වෙනුවෙන් දිගු කාලයක් සේවය කළ පූර්ණ කාලීන සාමාජිකයන් පක්ෂය අතහැර යමින් සිටින බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ රෝහණ විජේවීර සහ සෝමවංස අමරසිංග වැනි නායකයන්ගේ අව්‍යාජ කැපකිරීම් දැක, කිසිදු ගෙවීමක් නොලබා පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ පූර්ණ කාලීන සාමාජිකයන් වත්මන් නායකත්වයේ ක්‍රියාකලාපය හේතුවෙන් දැඩි කලකිරීමකට ලක්ව ඇති බවයි.
තවද, වත්මන් නායකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම සාමාජිකයන් අතර විශ්වාසය අඩුවී ඇති බවද ඔහු සඳහන් කරයි.
එමෙන්ම, අනුර කුමාර දිසානායක ඇතුළු වත්මන් නායකයන් කෝටිපතින් වී සුඛවිහාරී ජීවිත ගත කරන අතර, සාමාන්‍ය පාක්ෂිකයන් ආර්ථික අපහසුතා අතර ජීවිතය ගත කරන බවටද රාජිත සේනාරත්න චෝදනා කරයි.