ඉරානය සහ අමෙරිකාව අතර යුද ගිනි ඇවිලේ - නෞකාව අල්ලා ගැනීම ගැන ඉරානයෙන් දරුණු අනතුරු ඇඟවීමක්
ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව සිය Truth Social ගිණුම හරහා සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, අදාළ නෞකාව නවත්වන ලෙස අනතුරු ඇඟවූවද එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එය අල්ලා ගත් බවයි.
අඩි 900කට ආසන්න දිගකින් යුත් “TOUSKA” නෞකාව ඉරාන ධජය යටතේ ගමන් කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවත්, අමෙරිකානු නාවික අවහිරය ඉක්මවා යාමට උත්සාහ කළ බැවින් එය අත්අඩංගුවට ගත් බවත් සඳහන් වේ.
අදාළ නෞකාවට නැවත්වන ලෙස අනතුරු ඇඟවූවද එය නොතකා යාත්‍රා කළ බවත්, අනතුරුව එහි එන්ජින් කාමරය වෙත ප්‍රහාරයක් එල්ල කර නෞකාව නවත්වන ලද බවත් ට්‍රම්ප්ගේ සටහනේ දැක්වේ.
මෙම නෞකාව ඉරාන වරායක් වෙත ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයද දැඩි අවධානය යොමු කර තිබේ.
ඉරානය ප්‍රකාශ කර ඇත්තේ මෙය සටන් විරාමය උල්ලංඝනය කිරීමක් වන අතර, සන්නද්ධ මුහුදු කොල්ලකෑමක් ලෙස සලකන බවයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා අනුව, ඉරානයේ ඉහළම හමුදා මූලස්ථානය වන කටම් අල්-අන්බියා හි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය ඕමාන් මුහුදේදී ඉරාන වාණිජ නෞකාවකට වෙඩි තබා එහි නාවික පද්ධතිය අක්‍රීය කර ඇති බවයි.
ඒ අනුව, මෙම සිදුවීමට ඉක්මනින් ප්‍රතිචාර දක්වන බවත්, අමෙරිකාවට අනතුරු ඇඟවීමක් ද ඉරානය විසින් නිකුත් කර තිබේ.