තාම අත තියෙන්නේ ට්‍රිගර් එක උඩ - ඉරාන ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Report

ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සටන් විරාම ගිවිසුම "බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්" බව පවසමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ඊශ්‍රායල හමුදාව විසින් පසුගියදා ලෙබනනයට ගුවන් ප්‍රහාර 100කට අධික සංඛ්‍යාවක් එල්ල කළ බව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබේ. මේ සම්බන්ධයෙන් 'X' පණිවිඩයක් නිකුත් කරමින් ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කළේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකලාපය අනාගත එකඟතාවන් පිළිබඳ විශ්වාසය බිඳ දමන "භයානක දර්ශකයක්" බවයි.

සියල්ලන් බලා සිටි හෝමුස් යළි විවෘත කිරීම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

සියල්ලන් බලා සිටි හෝමුස් යළි විවෘත කිරීම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

ප්‍රහාර අඛණ්ඩව සිදුවන්නේ නම් සාකච්ඡා පැවැත්වීම "අර්ථ විරහිත" වනු ඇති බවත්, ඉරානයේ දෑත් තවමත් "ට්‍රිගරය (Trigger) මත පවතින බවත්" ඔහු එහිදී අනතුරු ඇඟවා ඇත.

මේ අතර, ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad-Bagher Ghalibaf) ද ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාම උල්ලංඝනය කිරීම් සඳහා ඊශ්‍රායලයට දැඩි පිරිවැයක් දැරීමට සහ ප්‍රබල ප්‍රතිචාරයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

ලෙබනනය යනු සටන් විරාමයේ වෙන් කළ නොහැකි කොටසක් බවත්, "වහාම මෙම ගින්න නිවා දමන ලෙස" තමන් ඊශ්‍රායලයට දන්වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම තම රට අඛණ්ඩව සිදු කරන බවයි. මෙම තත්ත්වය හමුවේ කලාපීය සාමය යළිත් දැඩි අවදානමකට ලක්ව ඇති බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙයි.