ලොවක් සාමයක් බලාගෙන සිටි ඉරාන - අමෙරිකා සාම සාකච්ජාවේ තත්වය

Report

ලොවක් සාමයක් බලාගෙන සිටි ඉරාන - අමෙරිකා සාම සාකච්ජාවේ තත්වය ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැති සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය සද්භාවයෙන් පැමිණි බව එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසා ඇත.

 පැය 12කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ .

ලෝකයම සාමය පැතූ ඇමරිකාව හා ඉරානය අතර ඉස්ලාමාබාද්හි පැවති පළමු සෘජු සාකච්ඡා වටය අවසන්

ලෝකයම සාමය පැතූ ඇමරිකාව හා ඉරානය අතර ඉස්ලාමාබාද්හි පැවති පළමු සෘජු සාකච්ඡා වටය අවසන්

ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බව එහිදී එතුමා ප්‍රකාශ කර තිබේ.

 ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බවත් සඳහන් කළ උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද උප ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.  

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනියක් රෝහල්ගත කරයි

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනියක් රෝහල්ගත කරයි