ලෝකයම සාමය පැතූ ඇමරිකාව හා ඉරානය අතර ඉස්ලාමාබාද්හි පැවති පළමු සෘජු සාකච්ඡා වටය අවසන්
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඉස්ලාමාබාද්හි පැවති පළමු සෘජු සාකච්ඡා වටය සාකච්ඡාකරුවන් විසින් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ලිඛිත ලිපි හුවමාරු කර ගනිමින් අවසන් වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඉරානයේ රාජ්‍ය මාධ්‍ය IRIB, සාකච්ඡා කණ්ඩායමට සමීප මූලාශ්‍රයක් උපුටා දක්වමින්, තවත් සාකච්ඡා වටයක් ඉරිදා පැවැත්විය හැකි බව වාර්තා කළේය. සෙනසුරාදා පැවති රැස්වීම දශක ගනනාවක් තුල වොෂින්ටනය සහ ටෙහෙරානය අතර වඩාත්ම වැදගත් සෘජු මැදිහත්වීම සලකුනු කලේය.
මීට පෙර, ධවල මන්දිරය පැවසුවේ, බිඳෙනසුලු සති දෙකක සටන් විරාමය පුළුල් දේශපාලන විසඳුමක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයේ මැදිහත්කරු ලෙස ඉස්ලාමාබාද්හි ප්‍රධාන භූමිකාව අවධාරනය කරමින්, එක්සත් ජනපදය, පකිස්ථානය සහ ඉරානය දිවා කාලයේදී ත්‍රෛපාර්ශ්වික මුහුණට මුහුණ සැසියක් පැවැත්වූ බවයි.
1979 ඉරාන විප්ලවයෙන් පසු වඩාත් වැදගත් ලෙස සැලකෙන "ඉස්ලාමාබාද් සාකච්ඡා" ලෙස නම් කර ඇති වැදගත්ම සාකච්ඡා සඳහා පකිස්ථානය සත්කාරකත්වය දරයි, මෙම සතිය මුලදී මැදිහත් වූ බිඳෙනසුලු සති දෙකක සටන් විරාමයක් මධ්‍යයේ පුලුල් කලාපීය ගැටුම අවසන් කිරීම අරමුණු කර ගෙන ඇත.
දූත කණ්ඩායම් දෙක, ඔවුන්ගේ පැමිණීමෙන් පසු, අගනුවරදී පකිස්ථාන නිලධාරීන් සඳහා වෙන වෙනම රැස්වීම් පැවැත්වීය. විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජරෙඩ් කුෂ්නර් ඇතුළු ඇමරිකානු නියෝජිත පිරිසට නායකත්වය දෙන්නේ එක්සත් ජනපද උප ජනාධිපති ජේඩී වැන්ස් ය.
පාර්ලිමේන්තු කථානායක Bagher Galibaf ඉරාන දූත පිරිසට නායකත්වය දෙන අතර, විදේශ අමාත්‍ය Abbas Araghchi සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍යයෙකු වන Ali Bagheri Kani ඇතුළු තවත් පිරිසක් ඊට ඇතුළත් ය.
පකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් ඉස්ලාමාබාද් නියෝජනය කරමින් සාකච්ඡා සඳහා සහභාගී වන අතර හමුදා ප්‍රධානී අසීම් මුනීර් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ඔහුට සහාය දක්වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.