පළි ගැනීම් ආරම්භයි - ඇමරිකාවට හා ඊශ්‍රායලයට මාරාන්තික ප්‍රහාරයක් සූදානම් - ඉරාන ඉතිහාසයේ විනාශකාරී ප්‍රහාරය
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඉදිරියේදී අමෙරිකානු කඳවුරු සහ ඊශ්‍රායලයේ ස්ථාන ඉලක්ක කරමින් මාරාන්තික ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බව වාර්තා කර තිබේ.
ඒ අනුව ඉරාන ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ප්‍රහාරාත්මක මෙහෙයුම මෙය බවටද ඔවුන් අනතුරු අඟවා ඇත. ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය කමේනිගේ අභාවයට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බව පවසා තිබේ.
එමෙන්ම උත්තරීතර නායකයාගේ ඝාතනයට පළි ගැනීම් ආරම්භ කරන බවටද ඔවුන් දන්වා ඇතැයිද වාර්තා වේ. එමෙන්ම කිසිදු නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා තිබේ.