ඉරානයෙන් ඇමරිකාවට කනේ පාරක් - පැය 48කට ගහන්න එපා කිව්වා යෝජනාවට ඉරානය බෑ කියයි

Report

ඉරානය විසින් ඇමරිකාව ඉදිරිපත් කළ පැය 48ක සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. අමෙරිකාව විසින් අප්‍රේල් පළමු වන දින වෙනත් රටක් මාර්ගයෙන් ඉරානයට එම පැය 48ක සටන් විරාම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ කලාපය තුළ සිටින ඇමරිකානු හමුදාවන්ට සහ ඔවුන්ගේ මූලස්ථානවලට ඉරානයෙන් එල්ල වන දැඩි ප්‍රහාර හමුවේ ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටිම හේතුවෙන් අමෙරිකාව එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

ඇමරිකානු සෙබළු 350කට ෂොට් එක දීලා - යුද, ගුවන්, නාවික හා මැරීන් ඔක්කොම ගුටි කයි

ඇමරිකානු සෙබළු 350කට ෂොට් එක දීලා - යුද, ගුවන්, නාවික හා මැරීන් ඔක්කොම ගුටි කයි

කුවේට්හි බුබියාන් දූපතේ පිහිටි ඇමරිකානු හමුදා ඉන්ධන ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇමරිකාව මෙම සටන් විරාමය සඳහා උනන්දු වී ඇති බව ද ඉරානය පවසයි. සටන් විරාමය ප්‍රතික්ශේප කළ බවට යුද පිටියේදී පෙන්වු බවත්, සටන් විරාම යෝජනාවෙන් පසුවද ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර තීව්‍ර කළ බවත් ඉරාන බලධාරීන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානය විසින් සටන් විරාමයක් ඉල්ලා සිටින බවයි. එහෙත් ඉරානය එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ, ඇමරිකාව විසින්ම වෙනත් රටක් මැදිහත්කරුවෙකු හරහා මෙම යෝජනාව එවූ බවයි

ලංකාවටම අනතුරු නිවේදනයක් - අවුරුද්ද අත ළග තියන් ආපු අනතුරක් - ජනතාව ප්‍රවේශම් වෙන්න

ලංකාවටම අනතුරු නිවේදනයක් - අවුරුද්ද අත ළග තියන් ආපු අනතුරක් - ජනතාව ප්‍රවේශම් වෙන්න