කිසිදු සටන් විරාමයක් නෑ - ඉරානය පවසයි

Report

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඉරාකයට ප්‍රහාරයක්

ඉරාකයට ප්‍රහාරයක්

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානය ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවය. කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබේ.

ට්‍රම්ප්ගේ කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

ට්‍රම්ප්ගේ කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

මේ අතර, සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟත්වය පළ වී ඇති බවය.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය. මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද එම සටහනේ සඳහන්ය.

අල් උඩෙයිද් ගුවන් තලය ඉලක්ක කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි – සෞදි, UAE කියයි

අල් උඩෙයිද් ගුවන් තලය ඉලක්ක කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි – සෞදි, UAE කියයි

 

සිය සමාජ මාධ්‍ය සටහනේ අවසානය "දෙවි පිහිටයි ඉරානය, දෙවි පිහිටයි මැදපෙරදිග, දෙවි පිහිටයි අමෙරිකාව සහ දෙවි පිහිටයි ලෝකය" යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

දෝහාට මිසයිලයක් – ඉරාන ප්‍රහාරයෙන් බියෙන් දුවන ජනතාවගේ කෑගැසීම්

දෝහාට මිසයිලයක් – ඉරාන ප්‍රහාරයෙන් බියෙන් දුවන ජනතාවගේ කෑගැසීම්