හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හදිසියේ මෙරට ඉරාන තානාපති හමුවූ හේතුව මෙන්න
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම හමුව ඊයේ (25) දින ඉරාන තානාපති කාර්යාලයේ දී සිදුව ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන්ම මෙන්ම, ඉරාන සහ ශ්‍රී ලංකාව අතර පවතින සුහදත්ව වර්ධනය කරගැනීම වෙනුවෙන් මෙම හමුව පවත්වා තිබූ බව සඳහන්.