ඉරාන ජනාධිපති හදිසියේම ඉල්ලා අස්වීමේ කතාවේ ඇත්ත නැත්ත

Report

ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින යුදමය උණුසුම් තත්ත්වය මධ්‍යයේ, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවට විදෙස් මාධ්‍ය කිහිපයක් පළ කළ වාර්තා ඉරාන රජය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් රාජධානිය පදනම් කරගත් “Iran International” මාධ්‍ය ආයතනය වාර්තා කර තිබුණේ, ඉරාන ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය රටේ උත්තරීතර නායකවරයාගේ කාර්යාලය වෙත යොමු කර ඇති බවයි. එම වාර්තාව ජාත්‍යන්තර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගොස් තිබුණි.

කෙසේ වෙතත්, ඉරාන ජනාධිපති කාර්යාලය එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කරමින් ඒවා ප්‍රචාරක කටකතා ලෙස හඳුන්වා දී ඇත.

මීගොඩ රොටී දන්සලේ පෝලිමට මාරයා අරන් ගියේ..වෙසක් අසිරිය ලෙයින් රත් කළ ඛේදවාචකයේ නොදත් තොරතුරු

මීගොඩ රොටී දන්සලේ පෝලිමට මාරයා අරන් ගියේ..වෙසක් අසිරිය ලෙයින් රත් කළ ඛේදවාචකයේ නොදත් තොරතුරු

ඉරාන ජනාධිපති කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන අංශයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහ්ඩි ටබටාබායි මහතා X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ, විදේශීය මාධ්‍ය විසින් පතුරුවන මෙම තොරතුරු කිසිදු පදනමක් නොමැති බවයි.

ඔහු සඳහන් කර ඇත්තේ,

“මෙවැනි කටකතා යනු විදේශීය මාධ්‍ය ජාල විසින් දිගින් දිගටම ගෙන යන මාධ්‍ය ක්‍රීඩාවල තවත් කොටසක් පමණි. ඔවුන්ගේ මනඃකල්පිත ආශාවන් යථාර්ථයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි.”

යනුවෙනි.

ඉරාන රජය අවධාරණය කරන්නේ ජනාධිපති පෙසෙෂ්කියන් මහතා තවදුරටත් සිය ධුරයේ කටයුතු කරමින් සිටින බවත්, රටේ ජනතාවට සේවය කිරීමේ වගකීමෙන් ඉවත් වීමට කිසිදු සැලසුමක් නොමැති බවත්ය.

“ඉරාන ජනතාව එක්සත්කම සහ ප්‍රතිරෝධය අත් නොහරින සේම, ජනාධිපතිවරයා ද ජනතාවට සේවය කිරීමෙන් පසුබසින්නේ නැත” යැයි ටබටාබායි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි

අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි

ඉරානයේ අභ්‍යන්තර දේශපාලනය සහ ආරක්ෂක අංශ අතර මතභේද පවතින බවට පසුගිය කාලය තුළ විවිධ වාර්තා පළ වී තිබුණද, ඒ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීම් කිසිවක් සිදු වී නොමැත.

විශේෂයෙන්ම ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සහ දේශපාලන නායකත්වය අතර සම්බන්ධතා පිළිබඳ විවිධ අනුමාන පළවුවද, ඉරාන බලධාරීන් ඒවා බොහෝ විට ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර, ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බවට පළ වූ වාර්තා අසත්‍ය බව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ එම කටකතා සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතතාවයට තාවකාලිකව තිත තබා ඇත.

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට