ට්‍රම්ප්ගේ තර්ජනවලට අපි බය නෑ - ඉරානෙන් දරුණු ප්‍රතිචාරයක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරන තර්ජන හමුවේ තමන් කිසිසේත්ම බිය නොවන බවත්, එවැනි බලපෑම් මගින් ඉරානය යටත් කළ නොහැකි බවත් ඉරාන රජය අවධාරණය කරයි.
ඉරාන රජය ප්‍රකාශ කර සිටින්නේ ජනාධිපති ට්‍රම්ප් සිය "තර්ජන සහ ගර්ජන" ප්‍රතිපත්තිය නතර කරන්නේ නම් පමණක්, දෙරට අතර පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ඵලදායී සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වීමට තමන් සූදානම් බවයි.
මේ අතර, අමෙරිකාව ප්‍රකාශයට පත් කළ සටන් විරාම කාලය අවසන් වීමට නියමිතව තිබියදී, ඉරාන රජයට සහාය පළ කරමින් එරට ප්‍රධාන නගර රැසක දහස් සංඛ්‍යාත ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වෙති.
අමෙරිකාව සමඟ යුද වැදීමට තමන් බිය නොවන බවත්, රටේ ස්වෛරීභාවය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන බවත් විරෝධතාවයට එක්වූ ජනතාව පවසා ඇත.