ලෝක මිහිතල දිනය අදයි
ලොව පුරා වෙසෙන බිලියන සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් සමරනු ලබන ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ.
මෙවර මිහිතල දිනයේ තේමාව වන්නේ "Our Power - Our Planet" (යොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්) යන්නයි.
දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය විනාශ වීම සහ කාර්මික අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පරිසර හායනය වැනි සංකීර්ණ අභියෝග රැසකට 2026 වසරේදී මානව වර්ගයා මුහුණ දෙමින් සිටින පසුබිමක මෙවර සැමරුම සුවිශේෂී වේ.
පොළොව මත ඇති සියලුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය ආරක්ෂා කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
1970 වසරේ අප්‍රේල් 22 වැනිදා අමෙරිකානු සෙනෙට් සභිකයෙකු සහ පරිසරවේදියෙකු වූ ගේලෝඩ් නෙල්සන් මහතාගේ පුරෝගාමීත්වයෙන් ප්‍රථම වරට මෙම දිනය සමරනු ලැබීය.
යුරෝපීය ජාතීන්ගේ අධික සම්පත් පරිභෝජනය නිසා ඇති වූ වායු සහ ජල දූෂණයට එරෙහිව ජනතාව පෙළගැස්වීම මෙහි සමාරම්භය වූ අතර, 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙය නිල වශයෙන් නම් කරන ලදී. අද වන විට ලොව පුරා රටවල් 193ක ජනතාව මිහිතලය සුරැකීමේ මෙහෙයුමට දායකත්වය ලබා දෙති.