යළි යුධ උණුසුමක් - කැස්පියන් මුහුදේ ඉරාන නෞකාවකට යුක්‍රේනයෙන් ප්‍රහාරයක්
By Mithu
කැස්පියන් මුහුදේ පිහිටි ඉරාන වෙළෙඳ නෞකාවකට යුක්‍රේනය විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
මෙම ප්‍රහාරයෙන් සිදුවූ පිපිරීමෙන් නෞකාවේ සිටි නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. සිදුවීමට විරෝධය පළ කිරීම සඳහා තෙහෙරාන් නුවර සිටින යුක්‍රේන රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා කැඳවීමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇත.
මෙලෙස ප්‍රහාර එල්ල කරමින් යුද්ධය තවදුරටත් ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරන ඉරානය, සිය ජාතික අභිලාෂයන් සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවට ද අවධාරණය කරයි.
මේ අතර, කැස්පියන් මුහුදේ හමුදා ප්‍රවාහන කටයුතුවල නිරත වූ නෞකාවලට එල්ල කළ දුරදිග විහිදෙන ප්‍රහාර සාර්ථක වූ බව යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි ද ප්‍රකාශ කර තිබේ.