IPL අවසන් වටයේ තරග අද සිට

Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉකුත් 27වැනිදා පැවති තරගයකදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 6ක ජයක් ලබා ගත්තා.

ලක්නව්හි පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 3ක් දැවී ලකුණු 227ක් රැස් කළා.

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 230ක් රැස්කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

මෙම ජයත් සමග මූලික වටයේ තරග අවසන් වූ අතර, බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ සිට දෙවන ස්ථානයට ඉහළට පැමිණියා.

පලායන සැකකරුවන් අත්අඩංගුවට ගන්න විශේෂ යතුරුපැදි බලඝනයක්

පලායන සැකකරුවන් අත්අඩංගුවට ගන්න විශේෂ යතුරුපැදි බලඝනයක්

 ඒ අනුව, අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය කරන පංජාබ් – බැංගලෝර් Qualifier 01 තරගය හෙට (29) පැවැත්වෙන අතර, මුම්බායි ඉන්දියන්ස් – ගුජරාට් ටයිටන්ස් Eliminator තරගය මැයි 30වනදා පැවැත්වීමට නියමිතයි.

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය