සුළු මොහොතකට පෙර සයිනොපෙක් හා ලංකා අයි.ඕ.සී සහ ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

Report

ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් යන සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

කෙසේවෙතත් සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල පමණක් මිල සංශෝධනයක් සිදුකර නොමැති අතර ඔවුන් මේ වන විටත් සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට අලෙවි කරනු ලබයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කළේය.

ඒ අනුව රුපියල් 410ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434ක් වේ. රුපියල් 470ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබේ.

මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධනවල මිල ගණන් ඉහළට - අද සිට ක්‍රියාත්මක වන නව මිල මෙන්න

මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධනවල මිල ගණන් ඉහළට - අද සිට ක්‍රියාත්මක වන නව මිල මෙන්න

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 495කි. රුපියල් 392ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.

රුපියල් 458ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 478ක් වේ. ලීටරයක් රුපියල් 265ක්ව පැවති භූමිතෙල් මිල ද රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 285ක් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

රජයේ හා පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ට පඩි සහිත ඔසප් නිවාඩු - රජයට විශේෂ ඉල්ලීමක්

රජයේ හා පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ට පඩි සහිත ඔසප් නිවාඩු - රජයට විශේෂ ඉල්ලීමක්