අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන කටයුතු කඩිනම් කරන්න රජය පියවර අරගන නලින්ද ජයතිස්ස කියයි

Report

මෙරට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තිබේ.

එම අවස්ථාවන් දෙකේදීම ඔවුන්ගෙන් පැය හතරකට අධික කාලයක් ප්‍රශ්න කර අදාළ විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කරගන තිබෙන බව වාර්තා වේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පෙරවරු 9.30ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේ "සිරිලිය" ගිණුම සම්බන්ධයෙන් පවතින විමර්ශනයකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සදහායි.

තවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඇය ඇතුළු තවත් දෙදෙනෙකු සමඟ එක්ව හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගිණුම හරහා මූල්‍ය අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ල වී ඇත.

පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි

පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි

මින් පෙර ජනවාරි 27 වැනිදා ඇයව කැඳවා තිබුණද, එදින නොපැමිණ වෙනත් දිනයක් ඉල්ලා සිටීම හේතුවෙන් ඇයව අද දින මෙලෙස කැඳවා ඇත.

මේ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා නායකයෙකු ලෙස සැලකෙන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තා සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ .

විදෙස්ගතව සිටීම හේතුවෙන් මීට පෙර ලබා දුන් දිනයක පැමිණීමට නොහැකි බව දන්වා සිටි මන්ත්‍රීවරයා, අද පෙරවරු 10.15ට පමණ පැමිණ පැය හතරකට වැඩි කාලයක් එහි රැඳී සිටියේය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අදාළ විමර්ශන අංශවලින් පිටව යන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළකරන පාක්ෂිකයින්  බොහෝ දෙනෙක්    එම ස්ථානවලට රැස්ව සිටි ආකාරය   පෙනුණි.

 කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර  තිබෙනුයේ  අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට රජය පියවර ගෙන ඇති බවයි. 

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි