හෝමුස් අර්බුදයෙන් ලෝකෙම අන්තර්ජාල සබඳතා අනතුරේ - වෙන්න පුළුවන් නරකම දේ ගැන භයානක අනතුරු ඇඟවීමක්

Report

ඇමරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ පවතින යුද ගැටුම් තෙවන සතියටත් පා තබා ඇති පසුබිමක, ලෝකයේ අන්තර්ජාල සබඳතාවලට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන්.

ඒ අනුව ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කර තිබෙන අතර, එම මුහුදු පත්ලේ ඇති සන්නිවේදන කේබල් පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල වීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබෙනවා.

එසේම ඩිජිටල් නහර පද්ධතියට එල්ල වන තර්ජනය ලෝකයේ අන්තර්ජාල දත්ත හුවමාරුවෙන් වැඩි ප්‍රමාණයක් සිදු කරන මුහුදු යට ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධති හෝමුස් සහ රතු මුහුදේ බැබ් එල්-මැන්ඩෙබ් වැනි පටු මුහුදු තීරයන් ඔස්සේ ගමන් කරන බව සඳහන්.

ට්‍රම්ප් යුද්ධය ජය ගනී? - සාක්ෂියක් වශයෙන් ඉරාන වැසියන්ගෙන් ට්‍රම්ප්ට තෑග්ගක්

ට්‍රම්ප් යුද්ධය ජය ගනී? - සාක්ෂියක් වශයෙන් ඉරාන වැසියන්ගෙන් ට්‍රම්ප්ට තෑග්ගක්

ඒ අනුව මෙම කේබල් මගින් වීඩියෝ ඇමතුම්, ඊමේල්, බැංකු ප්‍රේෂණ සහ කෘත්‍රිම බුද්ධි (AI) සේවා වෙනුවෙන් අවශ්‍ය දත්ත සපයයි.

මේ වන විට පවතින තත්ත්වය අනුව ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේ මුහුදු බෝම්බ (sea mines) අතුරා තිබෙන අතර, මේ නිසා එම ප්‍රදේශය හරහා නෞකා ගමනාගමනය අඩාල වී තිබෙනවා.

එසේම හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැඹුර අඩි 200ක් පමණ වන බැවින් එහි ඇති කේබල් පද්ධතිවලට හානි කිරීම පහසු බව ද සඳහන්.

එමෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් රැසකට බලපෑම් පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින AAE-1, FALCON, Gulf Bridge International සහ Tata-TGN Gulf වැනි ප්‍රධාන කේබල් පද්ධති ඉන්දියාවේ විදේශීය දත්ත සබඳතාවලට සෘජුවම දායක වන බව ද සඳහන්.

යුද්ධය අවසන් කිරීමට එකඟ වීමක්? කිසිදා න්‍යෂ්ටික අවි ළඟ තබා නොගන්නා බවට ඉරානය එකඟ වූ බව ට්‍රම්ප් කියයි

යුද්ධය අවසන් කිරීමට එකඟ වීමක්? කිසිදා න්‍යෂ්ටික අවි ළඟ තබා නොගන්නා බවට ඉරානය එකඟ වූ බව ට්‍රම්ප් කියයි

එම කේබල් කැපීමකට ලක් වුවහොත් ඉන්දියාවේ අන්තර්ජාල වේගය සැලකිය යුතු ආකාරයට අඩු විය හැකි අතර බැංකු පද්ධති, කොටස් වෙළඳපල සහ රෝහල් පද්ධතිවල ක්‍රියාකාරිත්වයට ද දැඩි බලපෑම් එල්ල වනු ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම කේබල් විශ්ලේෂකයන් පවසන පරිදි, දැනට පවතින යුදමය වාතාවරණය නිසා හානි වන කේබල් අලුත්වැඩියා කිරීම සඳහා විශේෂිත නෞකාවලට එම ප්‍රදේශවලට ඇතුළු වීම අතිශය අවදානම් සහගත වේ.

ලංකාවට සතුටුදායක ආරංචියක් - බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට - මෙරටට ගෙන්වන තෙල් මිලෙත් විශාල අඩුවීමක්

ලංකාවට සතුටුදායක ආරංචියක් - බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට - මෙරටට ගෙන්වන තෙල් මිලෙත් විශාල අඩුවීමක්

එබැවින් එක් කේබලයකට හෝ හානි සිදුවුවහොත් එය යළි යථා තත්ත්වයට පත් කිරීමට සති කිහිපයක් හෝ මාස කිහිපයක් ගත විය හැකි බව ඔවුන් කියයි.

මින් පෙර 2024 වසරේදී ද හවුති කැරලිකරුවන්ගේ ප්‍රහාර නිසා රතු මුහුදේ කේබල් පද්ධතිවලට හානි සිදු වූ අතර ඉන් ආසියාවේ සහ අප්‍රිකාවේ අන්තර්ජාල සබඳතාවලට බාධා එල්ල වීමක් වාර්තා විය.

කෙසේ වෙතත් වත්මන් ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉරානය සතු දිය යට මෙහෙයුම් කණ්ඩායම් මඟින් මෙම කේබල්වලට හානි කිරීමේ හැකියාව පවතින බවත්, එය ගෝලීය ලෙස දැවැන්ත ආර්ථික සහ සන්නිවේදන අර්බුදයක් නිර්මාණය කළ හැකි බවත් විශේෂඥයෝ අනතුරු අඟවයි.

මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - ඉදිරියට වෙන දේ ගැන දැනුම්දෙයි

මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - ඉදිරියට වෙන දේ ගැන දැනුම්දෙයි