කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - හෙට දිනය දක්වා වලංගුයි
පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (20) පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට (21) දිනය පුරා වලංගු වන අතර උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලට මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයට ද මෙහි බලපෑම එල්ල විය හැක.
මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතින බැවින්, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම අවම කර ගනිමින් සෞඛ්‍යාරක්ෂිත පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙයි.