ඔයත් මේ විදිහ ජොබ් එකක්ද කරන්නේ? එහෙනම් ඔයාටත් ලැබෙන දේ මෙන්න

Sri Lanka Government Of Sri Lanka Ministry of Agriculture
By Zara Apr 01, 2025 02:50 PM GMT
Zara

Zara

Report

ශ්‍රී ලංකාවේ කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම කර්මාන්තවල නියැලී සිටින කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදී මෙම හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇතැයිද එම මණ්ඩලය පවසනු ලැබුවා.

එසේම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ, මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් 500,000/- රුපියල්, 1,000,000 සහ රුපියල් 2,000,000 යන රක්ෂිත ආවරණ, මරණයකදී සහ පූර්ණ අකර්මණ්‍යතාවයකදී ලැබෙන බවයි.

තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල් ගත වීමේදී මෙම රක්ෂණාවරණ ලබා දෙන බවද එම මණ්ඩලය පැවසුවා.

එමෙන්ම රක්ෂණ ආවරණය රුපියල් 2,000/-, 4,000/-, 8,000/- වැනි සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ මෙම රක්ෂණ හිමිකම සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

දින තුනක් පුරාවට සෙවූ තරුණිය අවසානයේදී හමුවූ තැන

දින තුනක් පුරාවට සෙවූ තරුණිය අවසානයේදී හමුවූ තැන

හයිලන්ඩ් කිරි පැකට් ඇතුළුව තවත් නිෂ්පාදන රැසක මිල වෙනස් වුණ හැටි මෙන්න

හයිලන්ඩ් කිරි පැකට් ඇතුළුව තවත් නිෂ්පාදන රැසක මිල වෙනස් වුණ හැටි මෙන්න

ReeCha