දින තුනක් පුරාවට සෙවූ තරුණිය අවසානයේදී හමුවූ තැන

Sri Lanka Police Sri Lanka Death
By Zara 6 days ago
Zara

Zara

Report

අද (01) තලවකැලේ පොලිසිය වාර්තා කලේ ඩයගම ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි 21 ක් හැවිරිදි තරුණියගේ සිරුර ඉහළ කොත්මලේ ජලාශයේ තිබී හමුවූ බවයි.

මෙලෙස හමුවූ මෘත දේහය ඩයගම පොලිස් වසමට අයත් ආගරපතන, පෝඩ්මෝර් වතුයායේ පදිංචිව සිටි කාලිමුත්තු මගාලෙච්චුමී නැමැති තරුණියගේ බවයි හදුනාගෙන ඇත්තේ.

දින 03ක සිට එම තරුණිය නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇගේ දෙමව්පියන් විසින් ඩයගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර ඇති දුම්රිය පාලමට ආසන්නයේ නාඳුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් තලවකැලේ පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත පාවෙමින් තිබූ මළසිරුර ගොඩගැනීමෙන් පසු ඥාතීන් විසින් එම සිරුර හඳුනාගත් බවයි.

තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් නිවසින් අතුරුදහන් වී ඇති බවට එම තරුණියගේ ඥාතීන් විසින් ඩයගම පොලිසියට කල පැමිණිල්ලේ සදහන් කර ඇති අතර, මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ජලාශයේ තිබී ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. සිරුර සම්බන්ධයෙන් ඩයගම පොලිසිය විමර්ෂණ සිදු කරනු ලබනවා.

එදා වාහන මැකෑනික් අද ලොවක් හොල්ලන නිල් චිත්‍රපට නළුවෙක්... සම්පුර්ණ කතාව මෙන්න (VIDEO)

එදා වාහන මැකෑනික් අද ලොවක් හොල්ලන නිල් චිත්‍රපට නළුවෙක්... සම්පුර්ණ කතාව මෙන්න (VIDEO)

විදුලි ගාස්තුවේ වැඩිවීමක්

විදුලි ගාස්තුවේ වැඩිවීමක්

ReeCha