ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග ආබාධයකට ලක්ව තිබුණු. ඒ අනුව ඔහුගේ ස්කෑන් පරික්ෂණ වාර්තාවක් අද පස්වරුවේ ලැබීමට නියමිතව බව සඳහන් වේ.
ඒ අනුව, එහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි පියවර තීරණය කිරිමට නියමිත බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
එමෙන්ම, ඕමානය සමඟ ඉදිරි තරගයේදී වනිදු හසරංග සහභාගි නොවී විවේක ගැන්වීමට ද ඉඩ ලබා දීමට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
වනිඳු හසරංග ඊයේ තරගය අතරතුරතුරේද පාදයේ මස්පිඬු ආබාධයකට ලක්ව වරින් වර ප්‍රතිකාර ගන්මින් ක්‍රීඩා කළ නමුත් එම තත්ත්වය හමුවේ වුවද එහිදී ඔහු කඩුලු 3 ක් බිඳ හෙළීමට ද සමත් විය.